පෙබරවාරි විදුලි බිලම ඉතිරි මාසවලටත්

පසුගිය කොරෝනා වසංගත කාලයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල විදුලිබිල සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත පෙබරවාරි මාසයේ ගෙවිය යුතුව තිබූ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි මාස සඳහා ගෙවීම ප්‍රමාණවත් බවට විශේෂ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ලංකාසරට පැවැසීය.

මෙම කැබිනට් පත්‍රිකාවට අද (13) දිනයේ අගමැති සහ මුදල් අමාත්‍යවරයා අත්සන් තබනු ඇති බවත් එය ලබන බදාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලය හරහා අනුමත කරගැනීමට බලාපොරොත්තු වන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

යම් පුද්ගලයකුට තම නිවසේ පෙබරවාරි මාසයේ සිදුවූ විශේෂ කටයුත්තක් හේතුවෙන් අතිරේකව අධික ලෙස විදුලිය වැයවී නම්, පෙර මාසවල විදුලි බිල්පත් සමග සසඳා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය ගෙවීම් මධ්‍යස්ථානවලින් අදාළ සහනය ලාබාගත හැකිවනු ඇත.


මීට පෙර, පසුගිය මාසවල බිල්පත් සඳහා ඒකක 90ට අඩු විදුලි පාරිභෝගිකයන්ට 25%ක සහනයක් ලබාදීමට යෝජනා කරමින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වුවද ඒ පිළිබඳ විවිධ පාර්ශ්වවලින් අදහස් එල්ල වීම නිසා එම යෝජනාව සංශෝධනය කිරීමට රජය තීරණය කළේය.

ඒ අනුව නව යෝජනා පිළිබඳ සළකා බැළෙනු අතර ඒ අතරින් පෙබරවාරි මාසයේ විදුලි බිලම මාර්තු, අප්‍රේල් මැයි සඳහා ද අයකරගත යුතු බවට යෝජනා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ මේ වනවිටත් අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ප්‍රචාරය රැළිවලදී ඉඟිකර ඇති බැවින් බොහෝවිට මෙම යෝජනාවට අනුමැතිය හිමිවනු ඇති බව පැවසේ.

Exit mobile version