පෙත්සම් විභාගය විනිසුරු මඩුල්ල නව දිනටත් රැස්වෙයි…

ලබන ජූනි මස 20 දා මහා මැතිවරණය  පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු  පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මණ්ඩලය අද 9 වැනි දිනටත් රැස් වුනේය.

පසුගිය 18 දා  ඇරඹූ එම පෙත්සම් විභාගය සඳහා  විනිසුරු මඬුල්ල යළි ලබන 01 වැනිදා රැස් වීමට නියමිතය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිත්වය දරයි. සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අලුවිහාරේ, සිසර තාබෘෘ, විජිත් මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධනය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාඨලී චම්පික රණවක, නීතිඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා සහ  මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.


Exit mobile version