පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පිපිරී මුලතිවු පොලිසිය ගිනිගත් හැටි ගැන පරීක්ෂණ…   

දිනසේන රතුගමගේ –

මුලතිව් පොලීසිය තුළ පුපුරණ ද්‍රව්‍ය  පාර්සලයක් පිපිරීමත් සමගම පොලීසිය තුළ 11 දා ගින්නක් හට ගෙන තිබේ.

ගින්න  පැතිරී යාම වළක්වා එය නිවා දැමීමට මුලතිව් පොලීසියේ නිලධාරීන් සමත් වී තිබේ.

මුලතිව් පොලීසියේ නිලධාරියෙකු කියා සිටියේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගත් පුද්ගලයෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන පොලීසිය වෙත බාර දී පැය කීපයකට පසුව මෙම ගින්න හටගත් බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version