දිනසේන රතුගමගේ –
පෞද්ගලික දුරකතන සමාගමක් විසින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට වවුනියාව බණ්ඩාරීකුලම ප්‍රදේශයේ දුරකතන කුලුණක් ඉදි කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධයක් එල්ල වී තිබේ.
බණ්ඩාරීකුලම ගම්මානයේ වැසියෝ මේ පිළිබදව වවුනියාව නගර සභාවට පැමිණිලි කොට ඇති අතර නගර සභාවේ නිලධාරීන් පිරිසක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙහිදී නගර සභා නිලධාරීන්ට හෙළි වී ඇත්තේ බණ්ඩාරිකුලම ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම දුරකතන කුලුණ සදහා ගම්වැසියන් විරුද්ධ වීම නිසා ඔවුන් අවසර ලබා ගෙන ඇත්තේ වවුනියාවේ උක්කුලන්කුලම ග්‍රාම සංවර්ධන සමීතිය හරහා බවයි.
නිසි අවසරයක් ලබ ගන්නා තුරු දුරකතන කුළුණ ඉදි කිරීමේ කටයුතු නතර කරණ ලෙස නගර සභාවේ නිලධාරීන් අදාල සමාගමට උපදෙස් දී ඇතත් ඔවුන් එම කුළුණේ ඉදි කිරීම් කටයුතු මේ දක්වාම නතර කොට නොමැති බව බණ්ඩාරීකුලම ගම්මානයේ වැසියෝ ප්‍රකාශ කොට සිටියි.