පුද්ගලික අංශයේ හා රජයේ පී.සී.ආර්.පරීක්ෂණවල පරස්පර ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි?.

නතාෂා නෙත්මීණි –                                                 

කොවිඩ් වෛරසය ආසාදනය වීම් තහවුරු කිරීම සඳහා  රජයේ රෝහල්වල සහ පෞද්ගලික රෝහල්වල සිදුකරනු ලබන පීසීආර් පරික්ෂණ වාර්තාවන් පරස්පරතාවක් පෙන්නුම් කරන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රසායනාගාර වෘත්තීය විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්ගෙන් ලංකාසර කළ විමසුමකදී ඔහු සදහන් කළේ පෞද්ගලික අංශය තුළ පීසීආර් පරික්ෂණයක් කිරීම සඳහා පුහුණු රසායනාගාර වෘත්තිකයන් නොමැති බවත් ඔවුන් භාවිත කරන ක්‍රමවේදයන් තුළ හා උපකරණවල යම් ගැටලුසහගත තත්ත්වයක් තිබෙන බවත් ය.

කෙසේ නමුත් පෞද්ගලික අංශයේ පීසීආර් පරික්ෂණයක් කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව වාර්තාවක් නිකුත් කළ නොහැකි යැයි කුමුදේශ්   සඳහන් කරයි.


සෞඛ්‍ය ඇමතිනිය පවා මේ බව ප්‍රකාශ කළද ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කර නොමැති වීම නිසා පෞද්ගලික අංශයේ පීසීආර් පරික්ෂණයක් කර වාර්තාවන් නිකුත් කිරීමට කටයුතු කරන බව  දැනගන්නට  ඇතැයි හෙතෙම පැවසීය‍

කෙසේ නමුත් පෞද්ගලික රෝහල්වලින් මේ වන විට දිනකට විශාල පීසීආර් වාර්තාවන්  නිකුත් කරන  බැවින් පීසීආර් වෙනුවට රැපික් පරික්ෂණය පෞද්ගලික අංශයේ ආරම්භ කර ඇතැයිද යන්න සැකයක් මතුවන බවත්  හෙතෙම කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් පුද්ගලික අංශයේ ප්‍රධාන පෙළේ රෝහලක රසායනාගාර සම්බන්ධව කටයුතු කරන ප්‍රමාණිකයන් පවසන්නේ   ලංකාවේ ඉහළම ප්‍රමිතිගත රොහල් වූ තම රෝ්හල්වල සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ඉහළම තාක්ෂණික තත්ව යටතේ පළපුරුදු රසායනාගාර කාර්ය මණ්ඩලයක් අතින් සිදුවන බවය.

Exit mobile version