පී.බී යයි… ඉල්ලා අස්වීම ජනපති පිළිගනී!

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පී බී ජයසුන්දර විසින් පසුගිය සතියේ ලිපියක් යොමු කර තිබුණු බවත් එම ලිපිය ජනපතිවරයා විසින් පිළිගෙන නැති බවත් වාර්තා විය.

අනතුරුව පසුගිය 25 දා ඔහු දෙවැනි වරටත් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර තිබණි.     පිටු 04 කින් සමන්විත එම ඉල්ලා අස්වීමේ ලිපියේ පී බී ජයසුන්දර විසින් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ බව රජයේ ආරංචි මාර්ග හෙළි කරයි.


නව ජනාධිපති ලේකම්වරයා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස් අමරසේකර  යන තිදෙනාගේ නම් මේ වනවිට ඉදිරිපත් වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි!

Exit mobile version