පිටවල පතන ලෝක උරුමය රැකීමේ වරදට වන නිළධාරියාට ස්ථාන මාරුවීමක්.

වැරැද්ද ඇත්ත පෙන්වා දීම...

පසු ගිය දිනවල දැඩි මත භේදයකට ලක් වූමාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , ලෝක උරුමයක් වූ පිටවල පතනේ සිදුකරන ඉදිකිරීම පිළිබඳව ඉහළ නිළධාරීන්ට විරුද්ධවූ වන ව්‍යාප්ති නිළධාරියා වූ උපාලි රන්බණඩා  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත.

මාර්තු 13වන දින පිටවල පතනේ ඉදිකිරීම්වලට විරුද්ධව උද්ඝෝෂණයක් පැවති අතර, එම පිරිස නික්ම ගිය පසු සහකාර දිසා වන නිළධාරි එතැනට පැමිණ අදාල නිළධාරියාගෙන් මෙම ඉදිකිරීම සඳහා සත්‍ය ලෙසම ගස් කීයක් කපා ඉවත් කලේ දැයි කල විමසුමට පිළිතුර ලෙස ලබා දුන් පිළිතුර , සහකාර දිසා වන නිළධාරිවරයා මාධ්‍යවේදීන්ට ලබාදුන් ගස් සංඛ්‍යාවට වඩා වැඩිවීම ගැටුමට හේතුව වී තිබිණි.

ඉහළ නිළධාරීන් වට 20 cm ක් වු එක ගසක් ඉවත් කළ බව පවසන අතර , වන ව්‍යාප්ති නිළධාරියා ගස් පඳුරු 15-20 ත් අතර ප්‍රමාණයක් ඉවත් කළ බව පවසයි.  මෙම නිළධාරියා තමන්ගේ ඉහළ නිළධාරියාට සත්‍ය තොරතුරු ලබාදීම ම ස්ථාන මාරුවට හේතුව වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම කියන ඉළක්කමට වඩා වැඩි ඉළක්කමක් කියන්නේ කෙසේදැයි විමසා මම තමුන් ගැන බලාගන්නම් යැයි තර්ජනය කර සහකාර දිසා වන නිළධාරියා නික්ම ගොස් දින 7 ක් ඇතුළත උපාලී බණ්ඩාරට ස්ථාන මාරුව ලැබී ඇත.

 

Exit mobile version