පැය හැටක් තුල ඉන්දීය අගැමති කළ අපූරු මෙහෙයුම

Narendra Modii

ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදී පැය හැටයි මිනිත්තු පහලොවක කලයක් තුල අති විශේෂ රාජ්‍යන්තාන්ත්‍රික සංචාරයන් දෙකක් නිමාකිරීමට සමත්විය.

ඒ අනුව මෝදි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ සහ එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සුවිශේෂී සංචාර දෙකක නිතරවිය.

මෝදි අග්‍රාමත්‍යවරයාගේ ජර්මන් සංචාරය ඉතාම කාර්ය බහුල වූ බවට ඉන්දීය මාධ්‍ය වර්තා කර තිබිණි. මෝදී අග්‍රාමාත්‍යවරයා කොරෝනා වසංගතයෙන් පසු සහභාගී වූ විශාලතම මහජන හමුවද ජර්මිනියේ මියුනිච් නගරයේ පැවතිනි.


එහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් දහස් ගණනක් වූ ඉන්දීය ඩයස්පෝරා සාමාජිකයින් ඇමතූ අතර පසුගිය කාලයේදී ඉන්දියාව අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද ප්‍රකාශ කළේය.

‟ඉන්දියාව ඉතාම නොඉවසිලිවන්තවයි කටයුතු කරන්නේ. ඉන්දියාව මෙලෙස නොඉවසලිවන්ත වන්නේ ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමටයි. රටක් වශයෙන් ඉදිරියට යන්නයි.” යනුවෙන් මෝදි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.

මෙහිදී අග්‍රාමත්‍යවරයා විසින් ඉන්දියාව අත්කරගෙන ඇති ජයග්‍රහන දර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කර ඇති අතර එහිදී මෑත කාලයේදී ආර්ථීක වර්ධන වේගය වර්ධනය කිරීමට ගත් පියවර පිළිබදවද පැහැදිලි කිරීමක් කර තිබීම විශේෂත්වයකි.

ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජී හත සමුළුවටද එක්ව ඇති අතර එහිදී ඊට එක්වූ රටවල් සමඟ ද්වීපාර්ශවීය සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.

මෙහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන සමඟද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී දෙරටට වැදගත් කරුණු රැසක්ම සාකච්ඡා කර ඇති බවට ඉන්දීය මාධ්‍ය වර්තා සඳහන් කරයි.

ඊට අමතරව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමපෝසා සමඟඳ සාකච්ඡා කර ඇත. ඉන්දීය ජාතිකයින් විශාල පිරිසක් දකුණු අප්‍රිකාවේ ජීවත්වන අතර ඒ සම්බන්ධයෙන් සහ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කරගැනීම සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සමුළුවෙන් අනතුරුව ඉන්දිය අග්‍රාමත්‍යවරයා අබුඩාබි වෙත් පැමිණි අතර එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකයා අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

Exit mobile version