පැතිරෙන්නේ කොළඹින් ඉපදුන මාරක කොවිඩ් ප්‍රභේයක් ද?… වාර්තාව සතියකින්….

covid-delta-veriyant

මෙරට පැතිර යන්නේ මාරක වැඩිදියුණු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් දැයි සොයන පරීක්ෂණ වාර්තාව සතියකින් නිකුත් කරන බව මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයීය  පර්යේෂණ කණ්ඩායම මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

කොළඹින් සියයට සීයක්ම කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වන  ආකාරයත්, පිට පළාත් ආසාදනය කළ කොවිඩ් ඇල්ෆා ප්‍රභේදය දුර්වල කරමින් ඩෙල්ටා ප්‍රභේදය  පැතිර යන බවත් එම පර්යේෂණ කණ්ඩාය අනාවරණය කර ඇත.

මේ වනවිට බ්‍රිතාන්‍ය  කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව රෝගීන් රෝහල්ගත කිරීම දෙගුණයකින් වැඩිවන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු –

Exit mobile version