පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේ දී හෙළිවන රට තිගස්වන කතාව

A view of St. Sebastian's Church damaged in blast in Negombo, north of Colombo, Sri Lanka, Sunday, April 21, 2019. More than hundred were killed and hundreds more hospitalized with injuries from eight blasts that rocked churches and hotels in and just outside of Sri Lanka's capital on Easter Sunday, officials said, the worst violence to hit the South Asian country since its civil war ended a decade ago. (AP Photo/Chamila Karunarathne)

පාර්ලිමේන්තුවේ දී කළ ආන්දෝලනාත්මක ප්‍රශ්න කිරීම්වලින් පසු අලුත් වටයකින් පාස්කු  ප්‍රහාරය සම්බන්ධ වැඩි දුර පරීක්ෂණ ආරම්භ වී ඇත. ඒ හිටපු ඇමති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් දෙසොයුරන් යළිත් අත් අඩංගුවට ගනිමිනි.

පසුගිය දෙදින තුළ පාර්ලිමේන්තුවේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ ප්‍රශ්නකිරීම් පෙළක් සිදුවුනේය. එම ප්‍රශ්නකිරීම් පෙළ පාස්කු ප්‍රහාරයේ යථාව යළිත් විමසන ලෙස බල කළේය.

මේ ප්‍රශ්න කිරීමටවලට පෙර සිට පවතින රජය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු දැඩි විචලනයකට ලක්වන ආකාරය පෙනුණි. මුල්ම ප්‍රකාශනය සිදුවූයේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ මෙතෙක්   විමර්ශනය කළ නිලධාරීන් මාරු කර යැවීමෙනි. විමර්ශන ස්වරූප අනුව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් පුටු අනපේක්ෂිත ලෙස පෙරළී යෑමෙනි. වසරක් තුළ එම තනතුර සිවු වරක් වෙනස් වූයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවට පත් වී  සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් වූ ශානි අබේසේකර, ඩබ්ලියු.තිලකරත්න, ප්‍රසන්න අල්විස්, නිශාන්ත සොයිසා මේ කාලය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විසි වී ගියේය.


මේ ප්‍රහාරය පසුපස අන්තවාදය නොව දේශපාලන බල පොරයක් අශිෂ්ටත්වය  සලකුණු ඇතැයි බව කාදිනල් වරයා විසින්  ප්‍රකාශ කරන්නේ මේ පසුබිමේය.

පාර්ලිමේන්තුවේ දී මතුවුණු කරුණු

පාස්කු කොමිසමේ දී ලබාදුන් සමහර සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කොමිෂන් සභා වාර්තාවෙන් හැලී තිබුණු බව පාර්ලිමේන්තුවේ දී හෙළි විනි. ඒ හැලී තිබුණු වාර්තාවල සත්‍ය පිටපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.  කොමිසම විසින් මේ සියලු සාක්ෂි ලබාගෙන තිබුණේ මාධ්‍ය ඉවත්  කිරීමෙන් අනතුරුවය.

මෙම කරුණු ඉදිරිපත් වන්නේ විපක්ෂ මන්ත්‍රීවරුන්වන

හරීන් ප්‍රනාන්දු   මනුෂ නානායක්කාර හා මුජබර් රහුමාන් අතිනි. ඒ පසුගිය දින තුන තුළය.

පාස්කු කොමිසමේ දී සාක්ෂි ලෙස ඉදිරිපත් වූ,    එහෙත් කොමිෂන් වාර්තාවෙන් හලා දැමූ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්ෂි පදනම් කරගනිමින් ඔවුහු එම කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ.

එම කරුණුවල සාරංශ කළ පෙළ මෙසේය.

කරුණු ලෙස පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ සිදුවීම් සම්බන්ධව වටහාගත නොහැකි යමක් සිදුවෙමින් තිබේ. මේ හෙළිදරව්ව මුලින්ම සිදුකළ හරීන් ප්‍රනාන්දු මේ වනවිට හදිසියේ රෝගාතුර බව කියමින් පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමිනි.

හිටපු නීතිය හා සාමය භාර ඇමති චමල් රාජපක්ෂ ආණඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැති නිර්දෝෂී රියාජ් බදියුදීන් අද අළුයම යළිත් අත් අඩංගුවේය. ඒ සමග රිෂාඩ් බදියුදීන් ද කූඩුවේය.

කාදිනල් හිමිපාණෝ පෙර තරම් ජවයකින් විරෝධතාවය නොදක්වති. ඤාණසාර හිමියෝ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ කතා කළ පුද්ගලයින් පුනරුත්ථාපනයට යෝජනා කරති.

බොහෝ දේ කියන්නට නැත. මේ නිරුවත මේ තරම් අජූව බව අප විශ්වාස කළේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපට කියන්නට ඇත්තේ අප තිගැස්සී ඇති බවය.

Exit mobile version