සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ 11 වැනි විත්තිකරුගේ පාපොච්චාරණය රජයේ සාක්ෂියක් ලෙස පිළිගනී!

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ 11 වැනි විත්තිකරු ලෙස නම් කර සිටින කාලිබ් සමීර් නමැත්තා ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරියේ කළ පාපෝච්චාරණය රජයේ සාක්ෂියක් ලෙස පිළිගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ ඊයේ (19) ඒකමතිකව තීරණය කළේය.

විත්තිකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා සිටියදී 2019 වසරේදී ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාපෝච්චාරණයක් කර තිබේ.

එම පාපෝච්චාරණය ස්වේඡාවෙන් කළ එකක් නොවන බවට නඩු විභාගයේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ත්‍රිපුද්ගල මහාධිකරණට පවසා සිටියහ. එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් කළේ ද යන්න තීරණය කිරීමට විනිසුරු මඬුල්ල ‘වොයර් ඩයර්’ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළේය.

එහි තීන්දුව ප්‍රකාශ කරමින් විත්තිකරු එම පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් කර ඇති බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සාමාජිකයන් වන නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක, ආර්.එස්.එස්. සපුවිද ඒකමතිකව නියෝග කළේය. ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයන් එය සාක්ෂියක් ලෙස ලකුණු කරන ලදි.

වෝයර් ඩයර් පරීක්ෂණයේ තීන්දුව සම්බන්ධයෙන් විත්ති‍ය සෑහීමකට පත් නොවේ නම් ඇපැලක් ඉදිරිපත් කළ හැකි බවට විනිසුරු මඬුල්ල දන්වන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපැලක් ඉදිරිපත් කරන බවට 11 වැනි විත්තිකරුගේ නීතිඥ රුෂ්ඩි හබීබ් පවසා සිටියේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත.

නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මේ වන විට මිය ගොස් ඇත. අනෙකුත් විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩුව විභාගය සිදුවේ. එහිදී ෂැංග්‍රිලා හෝටලය හා කොච්චිකඩේ පල්ලිය ඇතුළු ප්‍රහාරය ලක්වූ ස්ථානවල සිටි ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇතුළු විශාල පිරිසක් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙන ලදී.

11 වැනි විත්තිකරු වූ කාලිබ් සමීර් (අවු: 29) වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්.එම්. සහීඩ් අදාළ පාපෝච්චාරණය බලහත්කාරයෙන් ගත් බවට ප්‍රකාශ කළේය. එහි වලංගුභාවය පරීක්ෂා කිරීමට වෙනම පරීක්ෂණයක් පැවැත්විණි. එම පරීක්ෂණය පැවැත්වෙන අතර විදේශගත වන බව පවසා විත්තිකරු වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින බවට විත්තිකරුගේ නීතිඥයා අධිකරණයට දන්වන ලදී. ඒ අනුව 11 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිමට නීතිඥ රුෂ්ඩි හබීබ් රජයෙන් පත් කිරීම සිදුවිය.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, අධිනීතිඥ ශක්ති ජාගොඩ, අධිනීතිඥ සජිත් බණ්ඩාර, අධිනීතිඥ අකිලා දල්පදාදු ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය. චන්දන ජයවීර – දිනමිණ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුම්රියෙන් එළවළු ප්‍රවාහන ව්‍යාපෘතියට වියදම් කළ කෝටි 20ම වතුරේ… කෝටි 10ක් වියදම් කරලා තියෙන්නේ හිතූ මතේ… විගණනය හෙළි කරයි!

Next Post

වන්නි දිස්ත්‍රික් හිටපු ඊපීඩීපී මන්ත්‍රී මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.