දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ සිට මන්නාරමේ පේසාලේ දක්වා රැගෙන එන ලද මත්පෙති ලක්ෂ දෙකක ප්රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් 12 දා සොයාගෙන තිබේ.
බෝට්ටුවක් මගින් ඉන්දියාවේ සිට පේසාලේ ප්රදේශයට රැගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 300 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී මෙම මත්පෙති තොගය හමු වී ඇති අතර ඒවායෙහි අයිතිකරුවන් ඒ වන විට පලා ගොස් තිබේ.
පාසල් ළමුන් ඉලක්ක කරගෙන අලෙවි කරණු ලබන්නේ මෙම මත්පෙවන අතර ජාවාරම්කරුවන් පාසල් ළමුන්ට මෙම පෙති අලෙවි කරණු ලබන්නේ එකක් රුපියක්ල් 200 බැගිනි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් මෙම මත්පෙති තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පේසාලේ පොලීසිය වෙත බාර දී තිබේ.







