හැටන් රංජිත් රාජපක්ෂ –
පාසල් විවේක කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි පාසල් දරුවෙක් ක්‍රීඩාව අතරතුර අනතුරට ලක් වී මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව ශිවකුමාර් නදිෂ් නැමති (18) හැවිරිදි පාසල් සිසුවෙකි.
ඊයේ (04) පාසල් දිවා විවේක කාලයේ දී ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිය දී උඩ පන්දුවක් රැකිමට උත්සාහ ගන්නා විට ලිස්සාගොස් පාසල් ගොඩනැගිල්ලක බිත්තයේ හිස ගැටිමෙන් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයකින් රැගෙන යමින් සිටියදි න ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.
මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි.







