පාසල් දරුවන්ට එන්නත් දෙන්න තීන්දුයි… ලබන සතියේ සිට එන්නත් දෙන්නේ මෙහෙමයි… GMOA පැහැදිලි කරයි…

vaccine

නිදන්ගත රෝගවලින් පෙළෙන අවුරුදු 12 – 19ත් වයසේ පසුවන සියලුම දරුවන්ට සහ වයස අවුරුදු 15 – 19 වයසේ  නිරෝගී දරුවන්ට එන්නත් ලබා දීමට අද සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති එන්නත් ලබා දීමේ තාක්ෂණික කමිටුවේදී  තීරණය වූ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ස සංගමයේ හිටපු ලේකම් වෛද්‍ය නලීන්ද හේරත්  සදහන් කරයි.

පාසල් දරුවන්ට එන්නත් ලබා දීම ලබන සතියේ වන විට ආරම්භ කළ හැකි බව ඔහු පවසයි.

මෙම තීරණයට අවසාන එකඟතාවය  සෞඛ්‍ය අමාත්‍යංශයේ  බෝවන රෝග පිලිබඳ උපදේශක කමිටුවෙන් ලැබිය යුතු බවත් එම එකඟතාවය ලබන සතියේදී බොහෝ දුරට ලැබෙනු ඇති බවත් හෙතෙම පැවසීය.


නිදන්ගත රෝග වලින් පෙළන දරුවන්ට රෝහල් තුළදී විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ මෙම එන්නත ලබා දෙන අතර අනෙකුත් දරුවන්ට ද  අධ්‍යාපන කලාපයන් තුළදී ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ එන්නත් කිරිම සිදුකරන බව වෛද්‍ය නලීන්ද හේරත් කියයි.

මේ අනුව ලංකාව පුරා සිටින ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන් 440 දෙනාගේ අධීක්ෂණය යටතේ දරුවන් එන්නත්කරණයට ලක් කිරිමට මේ අනුව තීරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් දරුවන්ව එන්නත්කරණයට ලක්කිරිම සම්බන්ධයෙන් වන සාකච්ඡා අද සෞඛ්‍ය අමාත්‍යංශයේ  පැවති අතර මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍යඅමාත්‍යංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ සහභාගි වී තිබේ

Exit mobile version