පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන වෙනුවෙන් මේ වසර තුල රුපියල් බිලියන 16.1 වෙන් කර ඇති බවත්, ඒ අනුව මෙතෙක් දරුවක් සඳහා වෙන් කළ රුපියල් හැටක මුදල රුපියල් සියය තෙක් වැඩි කර ඇති බවත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
එමෙන්ම මිලියන 14ක පාසල් දරු ප්‍රජාවම ආවරණය වන සේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාර්ගයෙන් ළමා රෝග විශේෂවරුන්ගේ සංගමය ද සම්බන්ධ කරගෙන අධ්‍යාපන කොට්ටාස මට්ටමින් විශේෂ ව්‍යාපෘතියක් දියත් කර පෝෂණ ඌණතා සහ වර්ධනයේ වෙනස්වීම් පෙන්වන දරුවන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් පැවසුවේය.
වයස අවුරුදු 05ට අඩු දරුවන් 21 දහසක් දැනට පෝෂණ ඌණතාවය සහිත දරුවන් ලෙස හඳුනාගෙන ඇති බව මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා අනුගමනය කරමින් මේ දරුවන් වෙනුවෙන් කැපකරු මා පිය ක්‍රමයක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.
“ එක් දරුවෙක් වෙනුවෙන් රුපියල් 14000ක් වැය කරන්න සැලසුමක් තියනවා. ඒත් දරුවො කීපයක් එකම ගෙදරක ඉන්නකොට පෝෂණය අඩුයි කියලා හඳුනාගත් එක දරුවෙක් වෙනුවෙන් කටයුතු කරන්නෙ කොහොමද කියන ගැටලුව අපට තියනවා.
21 000 කියන සංඛ්‍යාව කිව්වට මේ පෝෂණ ඌණතාවය සහිත දරුවො ඊට දෙගුණයක් පමණ විය හැකියි කියලා මා විශ්වාස කරනවා.“ සෞඛ්‍ය ඇමතිවරයා කීවේය.







