පාර්ලිමේන්තුව බණමඩුවක් වෙයි… රනිල් සජිත්ට පරාභව සූත්‍රයෙන් බණ කියයි!

විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ජනාධිපතිවරයා අද (29) මේ බව කීවේ පරාභව සූත්‍රයේ  ධර්ම කාරණාවක් සම්බන්ධව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කී කාරණාවක් නිවැරදි කරමිනි.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“අද ආගමික කටයුතු හා බුද්ධ ශාසන අමාත්‍යාංශයට අදාළ විෂයය පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවේ පළමුවෙන්ම මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමා පරාභව සූත්‍රය ගැන මට කළ දැනුම්දීම පිළිබඳව. “


“ඇත්ත වශයෙන්ම මම දන්න විදියට පරාභව සූත්‍රයේ මහා සංඝරත්නය ගැන කතා කරන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කර තිබෙන්නේ

සුවිජානෝ භවං හෝති

සුවිජානෝ පරාභවෝ

ධම්ම කාමෝ භවං හෝති

ධම්ම දෙස්සී පරාභවෝ කියලා.

ඒ කියන්නේ  දියුණුවන පුද්ගලයා එම කරුණු අනුව දැනගත හැකිය. පිරිහෙන පුද්ගලයාද එසේම දැනගත හැකිය. දස කුසලයේ යෙදෙන තැනැත්තා දියුණුවන අතර ඊට ද්වේශ කරන කෙනා පිරිහෙයි කියල යි.“

“බුදු දහමේ සඳහන් වෙනවා බුද්ධ, ධම්ම, සංඝ පිළිබඳව. පරාභ‍ව සූත්‍රයේ සඳහන් වෙන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවෙයි. “

“ මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ධර්මයයි, සංඝරත්නයයි දෙක මිශ්‍ර කරලා තිබෙන්නේ. අපි එය වෙන්කරගත යුතුයි. මොකද ගිහි පැවදි සියලුදෙනා ධර්මය පිළිපැදිය යුතුයි. ඇතැම්විට ගිහි අයට ධර්මය පිළිපදින්නේ නැතිව ඉන්න පුළුවන්. එහෙත් අපි ජිවත්විය යුත්තේ ධර්මයට අනුවයි.“

“මම තව කරුණක් එතුමාට මතක් කරන්න කැමතියි.

අසන්තස්ස පියා හොන්ති

සන්තේ න කු‍රුතේ පියං

අසතං ධම්මං රෝචේති

තං පරාභවතෝ මුඛං

ඒ කියන්නෙ මේකයි…. මොහුට අන්‍ය ශ්‍රාස්තෘන් ප්‍රිය වෙත්ද, බුද්ධාදි සත්පුරුෂයන් ප්‍රිය නොවෙත්ද, දෙසැටක මිත්‍යාදෘෂ්ටීන් ඇති අසත්පුරුෂ ධර්මය ප්‍රිය කරන්නේ ද මේ කරුණු 03 පිරිහීමේ දෙවන දොරටුවයි. …

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මම එම අවවාදය අපේ විපක්ෂනායකතුමාට දෙන්න කැමතියි. “

Exit mobile version