පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහන්න නොදීම නිසා විපක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධයක්

සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කිරීමට සූදානම් වූ ප්‍රකාශයකට අවසර නොදිම සහ එවැනි ප්‍රකාශ දිනකට ඉදිරිපත් කළ හැක්කේ විපක්ෂ නායකයා හෝ වෙනත් එක් පක්ෂ නායකයෙකුට පමණක් බවටත් කතානායකවරයා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු අද (24) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ.

පොන්නම්බලම් මන්ත්‍රීවරයා ස්ථාවර නියෝග යටතේ එම ප්‍රකාශය කිරීමට අවසර ඉල්ලා තිබුණද කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊට අවසර දිය නොහැකි බව නිවේදනය කළේය.

එම ප්‍රකාශය තුළ අධිකරණය හමුවේ ඇති නඩුවක් ගැනද සඳහන්ව ඇති බැවින් ඊට අවසර දිය නොහැකි බව කතානායකවරයා විසින් ප්‍රකාශ කරන ලද අතර පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව එක් දිනකදී ස්ථාවර නියෝග යටතේ කරන ප්‍රකාශ ඉදිරිපත් කළ හැක්කේ විපක්ෂ නායකට හෝ විපක්ෂයේ එක් පක්ෂ නායකයෙකුට පමණක් බව ප්‍රකශ කළේය.


මේ අවස්ථාවේදී විපක්ෂයේ පක්ෂ නායකයින් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඊට විරෝධය පළ කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජ.වි.පෙ)
කතානායකවරයා දුන් නියෝගයට එකඟ නොවන බවත් පක්ෂ නායකයෙකුට විශේෂ ප්‍රකාශයක් කර ප්‍රශ්නයක් විමසීමට අවස්ථාව තිබෙන බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙ අධිකරණය හමුවේ පවතින කරුණක් බැවින් එය ඉදිරිපත් කළ නොහැකි බවයිගමේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ඵේමදාස මහතාද අදහස් දැක්වූ අතර අවසානයේ පොන්නම්බලම් මන්ත්‍රීවරයා අධිකරණය සම්බන්ධ කාරණය හැර සෙසු ප්‍රකාශය කිරීමට අවසර ඉල්ලූ හෙයින් ඊට කතානායකවරයාගේ එකඟත්වය පළ විය.

Exit mobile version