පාඨලීගෙන්  යළිත් අලුත් දේශපාලන පක්ෂයක්… එක්සත් ජනරජ පෙරමුණ…

patali

එක්සත් ජනරජය පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක්   එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක   මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ දෙනම හමුවේ අද පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ජනරජ දිනය යෙදෙන මැයි මස විසිදෙ වෙනි දින නව පක්ෂය එළිදක්වන බව ද හෙතෙම කීය.

දේශපාලන කරලියේ නව ප්‍රවණතාවයන් සමඟ පරම නව දේශපාලන ව්‍යාපාරයන් සඳහා අවස්ථාවන් හිමිවන බවද, නව   දේශපාලන ක්‍රියාවලියක් උදෙසා නව පක්ෂය බිහි කරන බව ද පාඨලි චම්පික රණවක කීය.

දේශපාලන කරළිය දෙස බලන විට පෙනෙන්නට තිබෙන්නේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ අතුගෑවී ගොස් තරුණ දේශපාලන ව්‍යාපාර සඳහා මං පෙහෙළි හෙළිකර තිබෙන බව යැයි ඔහු කීවේය.


අනාගත වැඩපිළිවෙළ සඳහා රට ගොඩනගන දැක්ම විසිදෙවැනි දින එළිදක්වන බව ද හෙතෙම පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ණය බරින් මිරිකී තිබෙන රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සඳහා වන නව යෝජනා රැසක් නව පක්ෂය හරහා එළිදක්වන බව ද සියලු සැලසුම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා ජනසතු කිරීම අරමුණ බවද හෙතෙම කීය.

Exit mobile version