මහා ඉන්ධන අර්බුදයකට පැටලුණු පාකිස්ථානය

Pakistan fuel crisis

පාකිස්ථානය තුල මේවන විට දැඩි ඉන්ධන අර්බුදයක් ඇතිව ඇති බවත් එමගින් දැනටමත් උද්ගතවී ඇති ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට හේතු වී තිබේ.

මෙම තත්ත්වය සඳහා පාකිස්ථානය විසින් පසුගිය කාලයේදී අනුගමනය කළ වැරදි ජාත්‍යත්තර සබඳතා විශාල වශයෙන් හේතූව ඇති බවත් එහිදි සිය මිතුරන් නිසි ලෙස හඳුනා ගැනීමට අසමත් වීමත් මෙම තත්ත්වයට විශාල වශයෙන් බලපා ඇති බවද විශ්ලේෂකයින් විසින් පෙන්වා දෙයි.

යුක්‍රේන ගැටමත් සමඟ පාකිස්ථාන ඉන්ධන ඉල්ලුමට දැඩි බලපෑමක් එල්ල වූ අතර එහිදී රුසියාව සමඟ මිත්‍රත්තවය් ඇති කරගැනීමට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් උත්සහ කළද සිය අභිමතාර්ථ ඉටු කරගැනීමට ඔහුට නොහැකි විය.


මේ අතරම ඇමරිකානු හිතවාදී රාජ්‍යන් වන සෞදි ආරාබියෙන්ද සිය ඉන්ධන අවශ්‍යතා නිසි ලෙස සුපරා ගැනීමට පාකිස්ථානයට නොහැකි විය. මෙහිදී පාකිස්ථානයේ ඇතිව තිබෙන විදේශ විනිමය හිඟයද විශාල හේතුවක්ව පැවතිණි.

කෙසේවෙතත් තම දේශසීමාව බෙදාගන්නා ඉරාණය සමඟ ඉන්ධන සපයා ගැනීමට පාකිස්ථානයට තවමත් නොහැකි වී තිබෙනවා. දැඩි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තියක් ගෙනය යන ඉරාණය සමඟ සම්බන්ධ වීමට පාකිස්ථානයට නොහැකි වීම මඳක් විශ්මය දනවන්නක් ලෙසද හැඳින්විය හැකිය.

ඒ අනුව ඉරාණයට සහ පාක්සාථානයට මෙලෙස සිය ඉන්ධන අර්බුදය විසඳා ගැනීමට අතීතයේද අවස්ථා තිබිනි. එහිදී දෙරට අතර ඉන්ධන ගෙනයාමට නල පද්ධතියක් පවා ඉදි කිරීමට සැලසුම් කර තිබුනද එය පසුව අත්හැර දැමීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය හේතුවෙන් දෙරට අතර යම් විරසකයක්ද ඇති වූ අතරම දෙරටේ ඇති මුස්ලිම් නිකායන් වල පවතින යම් ගැටලුද දෙරටේ මිත්‍රත්තවය දුරස් කිරීමට හේතුවී ඇත.

Exit mobile version