පාකිස්ථානයේ ඇඟළුම් කිර්මාන්ත හිමියන් විරෝධතාවයට සැරසෙයි

Pakistan garment

පාකිස්ථානයේ ඇඟළුම් නිෂ්පාදන සමාගම් විසින් විශාල විරෝධතාවයක නිරතවීමට සූදානම් බවට එරට රජයට අනතුරු ඇඟවිම් කර ඇති බවට වාර්තා වේ.

මේවන විට පාකිස්ථානය තුල කපු ඇතුළු අමුද්‍රව්‍ය ඇතුලත් බාහාලුම් රෝගුවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි ප්‍රමාදය පදනම් කරගෙන මෙලෙස ඇඟළුම් සමාගම් වල විසින් විරෝධාතවයකට නිර්තවීමට සැලුසම් කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව පාකිස්ථානයේ රෙදි මොල් හිමියන්ගේ සංගමයේ සභාපතී හමීඩ් සමාන් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් කපු ඇතුළු රෙදිපිලි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනට සහ රෝගුවෙන් නිදහස් කිරීමට ඉඩ ලබාදීමට කටයුතු නොකළහොත් දැවැන්ත විරෝධා ව්‍යාපාරයක් ගෙනියන බවයි.


රජයේ මෙම තීරණ හේතුවනේ පාකිස්ථානයේ රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තය කඩා වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇති අතර එමගින් දැනම්ත විදේශ විනිමය හිඟවීමෙන් බලපෑමට පත්ව ඇති පාකිස්ථානය ආර්ථිකට විශාල මරු පහරක් වී තිබේ.

පාකිස්ථානයේ විශාල පිරිසකට රැකියා උත්පාදනය කරනු ලබන රෙදිපිළි නිෂ්පාදන ක්ෂේත්‍රෙය ඇමරිකානු ඩොලර් බිලියන 16ත් 17ත් අතර මුදල් ඉපයීමට නියමිත බවද හමීඩ් සමාන් පෙන්වා දෙයි.

පාකිස්ථානයේ ජියෝ නිවස් වාර්තා පවසන්නේ රෙදිපිළි කර්මාන්තය අමු කපු ආනයනය කරන අතර අගය එකතු කිරීමෙන් පසු ආනයනික අගය මෙන් හතර ගුණයකින් අපනයනය කරන අතර අපනයන වටිනාකමෙන් සියයට 35 ක් ආනයනය කිරීමට අපනයනකරුවන්ට රජය අවසර දිය යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී හමීඩ් සමාන් අනතුරු ඇඟවූයේ රජය විසින් නිසි පියවර නොගතහොත් ඇඟළුම් කර්මාන්තයට සම්බන්ධ මිලියන හතක ජනතාව ජනවාරි මාසයේදී රැකියා විරහිත වනු ඇති බවයි.

Exit mobile version