ප්‍රියයන්ගේ සෝ සුසුම් මැද ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය කටුනායකට….

කීර්ති ප්‍රනාන්දු –

පාකිස්ථානයේ සියල්කොට්හි රාජ්කෝ ක්‍රීඩා ඇඟළුම් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරි ලෙස සේවය කරමින් සිටිය දී  උමතු අන්තවාදීන් පිරිසක්  ම්ලේච්ඡ ලෙස  ඝාතනය කර පුලුස්සා දැමූ   ප්‍රියන්ත කුමාර දියවඩනගේ දේහය  ලාහෝර් ගුවන් තොටුපලෙන් ගුවන්ගත වූ  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 186 දරන යානයෙන් අද සවස කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ආවේය.

එම අවස්ථාවට රජය නියෝජනය කරමින් ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක එක් වී සිටියේය. ශ‍්‍රී ලංකාවේ පකිස්ථාන් තානාපති කාර්යාලයේ නිලධාරීහු ද එම අවස්ථාවට එක් වූහ. පවුලේ ඥාතීන්ද පැමිණි පිරිස අතර විය.  මල්වඩමක් සහිතව ගෞරව පූර්වකව දේහය පිළිගත්තේ රාජ්‍ය ඇමතිවරයාය.  අනතුරුව දේහය සහිත ගැල භාණ්ඩ ගබඩා භූමියට රැගෙන ගියේය.

දේහය මීගමුව මහ රෝහලේ දී පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම රෝහල වෙත රැගෙන යනු ලැබුවේය.


 

ගුවන්තොටුපලේ දී මාධ්‍යවේදීන් ඇමතු රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පැවසුවේ  මේ අපරාධය කළ පුද්ගලයින්ට දඬුවම් කිරීම සඳහා රජය උපරිම ලෙස මැදිහත්වන බවය.

“ජනාධිපතිතුමාගේ සහ අගමැති තුමාගේ උපදෙස් දීලා තියනව රජයක ලෙස අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කරන්න. ගුවන් සේවයෙන් කෙරෙන කටයුතු සියල්ල රාජ්‍ය අනුග්‍රහයෙන් කරන්න උපදෙස් ලැබිලා තියනවා. ඒකට අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරලා තියනවා. ගුවන්තොටුපල ඒ අවශ්‍ය කටයුතු සිදුකරලා තියනවා.

ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් පුද්ගලකිවම පකිස්ථානයේ අග්‍රාමාත්‍යවරයා සමග  පුද්ගලිකව සම්බන්ධවෙලා තියනවා. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වෙලා තියනවා ඔවුන්ට ලබා දිය යුතු උපරිම දඬුවම ලබා දෙන්න. ඒ සඳහා විශේෂ  විමර්ශන අංශයක් පත් කරලා තියනවා. විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම් කරලා තියනවා. අපි විශ්වාස කරනවා ඔවුන්ට දෙන්න පුලුවන් උපරිම දේ කරයි කියලා. අපි රජයක් ලෙස යුක්තිය ඉටුකරගැනීම සඳහා   උපරිම මැදිහත්වීම කරනවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇමතිවරයා කීවේය.

Exit mobile version