ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම් කරුවෝ පහර දෙති…

දිනසේන රතුගමගේ –

මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවන් විසින් පහර දීම නිසා ඔවුන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා අද (12) දහවල් මුලතිව් මුල්ලියාවලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.

මුලතිව් රක්ෂිත වනයේ මුරිප්පු ගම්මානයේ  පිහිටි තේක්ක වගාව විනාශ කොට දැව ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත මුලතිව් දිස්ත්‍රික්කයේ  ප්‍රවෘත්ති ආවරණය කරන තවසීලන් හා තවකුමලන් යන දෙදෙනා  එම ස්ථානයට ගිය අවස්ථාවේදී එතැන සිටි පිරිස මෙම වාර්තාකරුවන් දෙදෙනාට පහර දී තිබේ.

පහරදුන් පිරිසෙන් බේරී ඔවුන් ගම්මානයක් වෙත පැමිණ ගම්වාසීන්ගේ ආධාර ඇතිව මුල්ලියාවලෙයි පොලීසියට හා යුද හමුදා කඳවුරට  මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. දැන් මෙම වාර්තාකරුවන් දෙදෙනා රෝහල්ගත වී සිටියි.


ඔවුන් දෙදෙනාම පවසන්නේ මේ පහරදීම පිටුපස දැව ජාවාරම්කරුවන් මෙන්ම ඔවුන්ට සහය ලබාදෙන වන සංරක්ෂණ නිලධාරීන්ද  සිටින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් මුල්ලියාවලෙයි පොලීසියටද ඔවුන් මේ ගැන තොරතුරු ඉදිරිපත් කොට ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version