ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන ලේකම්වරයාට බාර දෙයි!

පහ ශ්‍රේණියට පහළ පන්ති  නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය  සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහිත නිර්දේශ  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන   පැවසුවේ විවිධ අදියරයන් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ප්‍රමාණය  200 ට වඩා අඩු දරුවන් සිටින පාසල්වල  පහේ ශ්‍රේණියට අඩු සියලුම පන්ති මුලින්ම විවෘත කිරීමට නියමිත බවත්ය.

“කෙසේ වෙතත්, පාසල් නැවත විවෘත කිරීමට නම් මුලින්ම රට විවෘත කළ යුතුයි.“ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.


අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළ පසු ඉහත ආකාරයට    පාසල් නැවත විවෘත කරන බව ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එන්නත් කිරීම සහ පාසල් නැවත විවෘත කිරීම එකිනෙකට වෙනස් මත දෙකක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරවයා පැවසීය.

Exit mobile version