ප්‍රවීණ රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන දිවි සැරියෙන් සමු ගනී…

සිංහල සිනමාවේ උසම නිළියක් ලෙස සැළකෙන ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පනී විශාකා සිරිවර්ධන අභාවප්‍රාප්ත වූවාය.

ටෙලි නාට්‍යය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වූ විශාඛා සිරිවර්ධන සිනමාවට පිවිසියේ සිරි කුලරත්නගේ අනුරාධා චිත්‍රපටයෙනි. අනතුරුව ඇය “සනසන්න මා”, “සුර දුතියෝ” චිත්‍රපටවල ප්‍රධාන චරිත රූපණය කළාය.

“සසර චේතනා”, “සඳ මඩල”, “සත්‍යා දේවි” සහ “ඇහැළේපොළ කුමාරිහාමි”   චිත්‍රපටවල උප ප්‍රධාන චරිත රඟපෑ විශාඛා සරසවිය සිනමා සම්මාන උළෙලේ නැගී එන නිළිය සම්මානයෙන්  ද පිදුම් ලැබුවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේහය පිළිබඳ අවසන් කටයුතු කුරුණෑගල දී අද (24) සිදුකිරීමට නියමිතය.

Exit mobile version