ප්‍රබල දේශපාලකයෙකුගේ අලුත් බෑණා තරුණියකට  වංචාකර පොලිස් කූඩුවේ…

රහසේ පැන ගොස් විවාහ වූ පසු පළිගන්න පැටලවූ නඩුවක් දැයි සැකයක්..

මීගමුව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ සොයුරෙක් වූ ප්‍රාදේශීය දේශපාලන ප්‍රබලයෙකුගේ දියණිය සමග හොර රහසේ විවාහ වූ තරුණයෙක් වෙනත් තරුණියකගේ රුපියල් පනස් දහසක් හා රන් මාලයක් වංචා කිරීමේ චෝදනාව පිට මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

වාර්තාවන ආකාරයට කතාව මෙසේය

මෙම ප්‍රභල දේශපාලකයාගේ දියණිය හා දිවුලපිටිය මරදගමුල තම්මිට පදිංචි මෙම තරුණයා අතර වසරක කාලයක සිට ප්‍රේම සම්බන්ධයක් පැවතී ඇත. ඔවුන් දැන හඳුනාගෙන තිබෙන්නේ පල්ලියේ දී ය.


මීට දින කීපයකට පෙර මෙම තරුණයා හා තරුණිය හොර රහසේ පැන ගොස් විවාහ වී තිබේ.

එම විවාහය සිදුකළ දිනයේම කටාන පොලිසියට පැමිණි  ඇඟළුම්කම්හලක සේවිකාවක් තම පෙම්වතාවූ ඉහත තරුණයා තමන්ව රවටා රන් මාලයක් හා රුපියල් පනස් දහසක් වංචා කළ බවට පැමිණිල්ලක් කර ඇත.

ඒ පැමිණිල්ල විභාග කිරීම සඳහා මෙම තරුණයා සොයාගෙන යනවිට ඔහු ප්‍රභල දේශපාලකයාගේ දියණිය සමග විවාහ වී ඇති බව තහවුරු වූ අතර පොලිසිය තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවත්, ඔහු මීට පෙර මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව වරදකරු වී උසාවියෙන් රුපියල් 11000ක දඩයකට ලක් වූ අයෙක් බවත් පොලිස් ආරංචිමාර්ග කියයි.

මේ අතර තරුණයාගේ පාර්ශවයට දේශපාලකයාගේ පාර්ශවයෙන් තර්ජන, බියවැද්දීම්  ඇතැයි ඔවුන් දිවුලපිටිය පොලිසියට පැමිණි කළ බව පවසයි. එහෙත් දිවුලපිටිය පොලිසිය පවසන්නේ තමන්ට එවැනි කිසිම පැමිණිල්ලක් නොමැති බවය.

කටාන පොලිසියෙන් කළ විමසීමක දී පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේ මෙය සාමාන්‍ය සිදුවීමක් බවත්, පැහැරගැනීම් වැනි කිසිම දෙයක් සිදුවී නැති බවත් සිද්ධිය සමතයකට පත් කරන බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් තරුණයා වෙනුවෙන් තරුණයාගේ පාර්ශවයෙන් දෙමව්පියන්වත් ඉදිරිපත් වී නැති බව වාර්තා වේ. වංචා කිරීම සම්බන්ධ චෝදනා මත තරුණයා අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Exit mobile version