ප්‍රදර්ශනාත්මක පින්කම් නවත්වා දානයක් ව්‍යාංජන දෙකකට සීමා කරන්න… ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි….

රජයෙන් පාලනය ගිලිහී අහස උසට යන බඩුමිල හමුවේ ඕමල්පේ නායක හාමුදුරුවන් දායකයන්ගෙන් කරන ඉල්ලීම!

Omalpe-Sobitha

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර – 

මේ දුෂ්කර අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ථ භික්‍ෂූ පරපුර වෙනුවෙන් සියලූ පින්වතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ආචාර්ය ඕමල්පේ සොභිත හිමියන් මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී උන්වහන්සේ මෙසේ ද පැවසූහ.


‘දායක පින්වතුන්ගේ කාරුණික අනුග‍්‍රහයෙන් තමයි භික්‍ෂූන් වහන්සේලා යැපෙන්නේ. භාණ්ඩවල මිල පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහිලා රජයක පාලනයක් වන බවක් පේන්න නැතිකම වර්තමානයේ ඇති ලොකුම ගැටලූවයි.

‘ඒ නිසා දායකදායිකාවන් දානමාන පිරිනැමීමේ දී ඉතාම අපහසුතාවකට පත්වන බව ඉතාමත් ම පැහැදිලියි. එබැවින් මේ දුෂ්කර අවස්ථාව සලකලා සරල විදියට දානමාන ආදිය සකස් කරන ලෙස සමස්ත භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන්ම දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා.“

‘විශාල වශයෙක් පුද පූජා වැනි දේ සංවිධානය කරන්න එපා. ප‍්‍රදර්ශනාත්මක දානමානාදී පුදපූජා සංවිධානය කරන්න එපා. ඉතාමත් සරලව අවස්ථානුකූලව, දානය සකස් කරන්න කියලා අපේ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version