ප්‍රජානතන්ත්‍රවාදය නැතිලු… ජනාධිපති තුමාට පිස්සා කියන්න පුලුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තියනවා

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවට විපක්ෂය කරන චෝදනාව මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් රටේ ජනාධිපතිවරයාට පිස්සා කිව හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අයවැය විවාදයට එක් වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


“අද ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැයි ලු. අද මොන තරම් ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද කියනවා නම් ජනාධිපති තුමාට   පිස්සා කියලා කියන්න පුළුවන් තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් අද එතුමා මේ රටේ ඇතිකරලා තියෙනවා කියන එක මම තමුන්නාන්සෙලාට මතක් කරන්න කැමතියි. අපි ඕවාට කලබල වෙන්නෙ නෑ. පිස්සො පිස්සො කියලා කිව්වාට අපි ඔව්වා ගැන කලබල වෙන්න එන්නෙ නෑ.“

“ඊළඟට එතුමාගෙ නම ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හුඟාක් අයට එතුමාගෙ නම හොයාගන්න පුළුවන් වුණේ අවුරුදු එකහමාරක් ගියායින් පස්සෙ තමයි නන්දසේන කියලා. එතුමාගෙ නමත් ප්‍රශ්නයක්. සමහරුන්ට එතුමා බොහොම සරල ලෙස ඇවිල්ලා දිවුරුම් දෙන්න එද්දී පාර්ලිමේන්තුවට එතුමාගෙ වැරැද්දක් හැටියට දැක්කෙ සුදු ඉර කැපුවා කියලා. දෙවැනි දවසෙ මහා ලොකු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කිව්වා ජනාධිපතිතුමා සුදු ඉර කපලා ආවා කියලා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඉතිං ජනාධිපතිතුමා සරල වුණාමත් ප්‍රශ්නයක්. එතුමා නිකම් ෂර්ට් එකක් ඇඳගෙන ආවත්, එහෙම නැත්නම් එතුමා වෙඩිමුර තිබ්බෙ නැත්නම්, තේජස්වන්ත කමෙන් ඇවිල්ලා දිවුරුම් දුන්නෙ නැත්නම් කතා කෙරුවෙ නැත්නම් ඒකත් සමහර අයට ප්‍රශ්නයක්, හරි ගෞරවයක් තිබුණෙ නෑ කියලා”

Exit mobile version