රුසිරු ලක්ෂාන් සිල්වා –
ලබන සඳුදා (08) සිට සියලුම ආහාර පාන වර්ගවල මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.
මේ අනුව ලබන සඳුදා සිට ප්ලේන්ටි එකක මිල රුපියල් 05කින් පමණ වැඩි කෙරෙන බව අතර අනෙකුත් ආහාර පානවල මිල ද රුපියල් 10කින් පමණ වැඩි කෙරෙන බව ඔහු අනාවරණය කරයි.
සීනි ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු වැඩිකිරීමට රජය ගනු ලබන තීන්දුවත් සමග මේ වනවිට වෙළෙඳපලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මේ තත්වය මත තව දුරටත් පැවති මිලට ආහාර පාන අලෙවි කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
මෙලෙස ආහාර නිශ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට තීරණය කළේ රජය හෝ ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුනින් නොවන බව පෙන්වා දෙන අසේල සම්පත් මේ තීන්දුව ගත්තේ වෙන කිසිම විකල්පයක් තමන් හමුවේ නොමැති බැවින් යැයි පවසයි