ප්‍රවීන නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි සැරියෙන් සමුගනී!

සම්මානිත ප්‍රවීන නාට්‍යවේදී, ටෙලි තිර කථා රචක කේ.බී.හේරත්  අද (29)  උදේ දිවිසැරියෙන් සමුගත්තේය. 

කේ.බි හේරත් මේ රටේ සිටි විශිෂ්ටතම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණ කරුවෙකි.  වර්ෂ 1962 දී මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව මහාචාර්ය සරච්චන්ද්‍රයන් යටතේ වේදිකා නාට්‍ය කලාව සම්බන්ධ පර්යේෂණ පරිචයක් ලැබූ කේ.බී හේරත් නිර්මාණකරණයට මුලින්ම පිවිසෙන්නේ වර්ෂ 1972 දී ය. ඒ ගුරුවරයෙක් ලෙස පාසල් නාට්‍යයක් නිර්මාණය කිරීමෙනි.

ඔහු මුල් වරට රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මානිත වන්නේ වර්ෂ 1979 දී ය. ඔහුගේ ‘සුදු කරල්. නාට්‍ය එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍යයට හිමි සම්මානය දිනා ගත්තේය.

එතැනින් ඇරඹෙන නාට්‍ය ගමනේදි මේ වන විට ඔහු ස්වතන්ත‍්‍ර නාට්‍ය විස්සක් පමණ රචනා කර නිෂ්පාදනය කළේය. ඒ මායා දේවී” නාග ගුරුලා” දෝන කතිරිනා” දෙවෙනි මහින්ද” වාසුදේව” “යසෝදරා” “ජගන්මා” කළු කුමාරි” දොන් ජුවන්” සිරිබෝ තට්ටුව” දිවිය ප්‍රේමය වැනි නාට්‍ය කේ.බී හේරත්ගේ නාට්‍ය දිවියේ රටේ ප්‍රමුඛ කථිකාවක් ඇති කළ නිර්මාණයන්ය.


ඔහුට වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් සම්මාන පනහකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබිණි. පසුගිය 2018 වසරේදි ලංකාවේ නාට්‍යකරුවකුුට හිමි වන ඉහළම සම්මානය වන ‘නාට්‍ය කීර්ති සම්මානයෙන් කේ.බී හේරත් ශූරීන් පිදුම් ලැබුවේය.
ඔහු අතින් වෘතාන්ත ටෙලි නාට්‍ය තුන්සියයකටත් වඩා රචනා වි තිබිණි. ඒකාංගික ටෙලි නාට්‍ය දෙසියයකටත් වැඩි ප්‍රමාණයක් කේ.බි හේරත් අතින් රචනා වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කේ.බී හේරත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (01) සිදුකිරීමට නියමිතව ඇත.

Exit mobile version