ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රෝගීන් වැඩිවුණොත් සෞඛ්‍ය සේවය අර්බුදයක

violence

ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුණහොත් හා තවත් රෝගීන් රෝහලගත වුවහොත් සෞඛ්‍ය සේවාවන්ට බරපතල බලපෑමක් ඇති වෙනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාලීය කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින මූල්‍ය අර්බුදය නිසා ඖෂධ හා ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය හිඟයක් ඇති බැවින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හේතුවෙන් තුවාල ලබන රෝගීන්ට ප්‍රතිකාර කිරීම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි.

ගෙවුණු පැය 48ක කාලය තුළ ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 7 දෙනෙකු මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පනයට හා කලකිරීමට පත්ව ඇති බව වෛද්‍ය සංගමය පවසයි.


මෙම ප්‍රහාරය සැලසුම් කරන ලද්දක් බව නිරායුධ විරෝධතාකරුවන්ට පොලු හා මුගුරුවලින් සන්නද්ධව පහර දීමෙන් පෙනී යන නිසා මේ සම්බන්ධයෙන් බරපතල ප්‍රතිකර්ම ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඔවුන් සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ කැමැත්තට හිස නමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටි ඔවුන් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ විරෝධතා සාමකාමීව ලෙස කරගෙන යන ලෙසයි. එලෙසම සියලුම වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එන්නට අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

Exit mobile version