පහන්තුඩා ඇල්ලේ “බ්ලූ ෆිල්ම්“ යුවල පොලිස් අත්අඩංගුවට…

බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කළ තරුණයා සහ තරුණිය අද පොලිස් අත්අඩංගුවට පත් වූයේය.

පොලිස් පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන ඒකකය විසින් කරන ලද විමර්ශනයකින් පසු මෙසේ අත්අඩංගුවට පත් වූයේ  මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණියකි.  තරුණිය තාවකාලිවක පන්නිපිටිය  ප්‍රදේශයේ පදිංචි වී සිට ඇත.

ඔවුන් මෙවැනි වීඩියො නිර්මාණය කර ඇත්තේ වෘත්තියක් ලෙසිනි.


ඊයේ ( 01) පොලිස් පරිගණක අපරාධ අංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් පහන්තුඩා ඇල්ලට ගොස් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. එහිදී  දුරකතන ජාල පරීක්ෂාවේ සිට සියලුම මාධ්‍ය ජාලාවල එම වකවානුවේ පහන්තුඩා ඇල්ල පසුබිම් කරගෙන පල කරන ලද හුදකලා කාන්තා සහ පිරිමි ඡායාරූපාවලියක් විශේෂ විමර්ශන කණ්ඩායමේ අධීක්ෂණයට ලක් වී තිබිණි.

මෙම පරීක්ෂණය ආරම්භ කරනු ලැබුවේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් පෙරේදා ( 31) කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සංවිධානයේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ගේ අත්සනින් එම ලිඛිත ඉල්ලීම කර තිබිණි.

 

Exit mobile version