පලාතම අනතුරක දමා නයිවල පී.එච්.අයි. පිස්සු කෙළී….

කොවිඩ් නීති විධි විධාන හා ස්වකීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දුන් උපදෙස් පිළිනොපැද අපැහැදිලි හේතුවක් මත රාජකාරිය පැහැර හැරීම නිසා නයිවල ප්‍රදේශය බරපතල කොවිඩ් අනතුරකට ලක් කිරීමට ප්‍රදේශය භාර පී.එච්.අයි.වරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

වේයන්ගොඩ නයිවල දින තුනක් තිස්සේ පවත්වාගෙන යෑමට සැලසුම් කළ මළගෙදරකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තවත් පිරිසකට කොවිඩ් රෝග ලක්ෂණ පහළ වීමත් සමග  මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා විසින් මලගෙදරට ගොස් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක  කිරීමට ප්‍රදේශය භාරව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා කටයුතු නොකිරීම නිසා මේ තත්වය ඇති වී තිබේ.

දින තුනක් තිස්සේ දේහය නිවසේ තැන්පත් කිරීමට සැලසුම් රක තිබූ මළගෙදරට පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධව මෙම පී.එච්.අයි.වරයා දැනුවත් කර නැති බවත්, මළගෙදර දෙවන දිනයේ දී කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් ඒ සම්බන්ධව නිශ්ඡිත මැදිහත්වීමක් නොවූ බවත්, අනතුරුව මහජන පැමිණිලි මත ප්‍රදේශය භාර පරපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂවරයා මෙම පුද්ගලයා සමග මළගෙදරට පැමිණ ලබා දුන් සෞඛ්‍ය උපදෙස් ඔහු විසින් ක්‍රියාත්මක කර නැති බවත් හෙළි වී ඇත.


ඒ අනුව කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ මළගෙදර පුද්ගලයන් අවසන් කටයුතුවලින් පසු නිරෝධායනය ට දුන් උපදෙස් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ක්‍රියාත්මක කර නැති අතර බණ සහ දානමය කටයුතු පවත්වාගෙන යෑමට ඔවුන්ට ඉඩ දී ඇති බව  වාර්තා වේ.

එහෙත් මළ ගෙදරට සහභාගී වූ පවුල් කීපයක් නිරෝධායනය කර ඇතැයි ද, මේ කොවිඩ් තත්වය සම්බන්ධව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාව දැනුවත් කිරීමට කිසිම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කටයුතු කර නැතැයි ද  ඒ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී හෙළිදරවු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමනුත්  නොදැනුවත්ව ඇති වී තිබෙන තත්වය කොවිඩ් ව්‍යාප්ත    වීමේ අවදානමක් ඇතිකර තිබෙන බවත් මේ සම්බන්ධව මැදිහත්ව කටයුතු කරන බවත්  මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

Exit mobile version