පලවා හැරියේ අත්අඩංගුවට ගත්තේ අතිශයින්ම නීත්‍යානුකූලවයි… පොලිසිය නිවේදනය කරයි.!

දැන් හදිසි නීතිය ක්‍රියාත්මකයි.... ත්‍රිවිධ හමුදාවටත් අත්අඩංගුවට ගැනිම් කළ හැකියි...

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් හා ඒ අවටින්  විරෝධතා කරුවන් ඉවත් කළේ අතිශයින්ම නීත්‍යානුකූල පදනමක සිට බවත් වත්මන් හදිසිනීති තත්ත්වය යටතේ  පොලිසියට මෙන්ම ත්‍රිවිධ හමුදාවට ද  සෝදිසි කිරීම්, ඇතුළුවීම්, අත්අඩංගුවට ගැනීම් සඳහා බලය ඇති බවත් පොලිස් මූලස්ථානය  නිවේදනයකරයි.

පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ අවස්ථා දෙකක දී සාමකාමීව එම ස්ථානයෙන් ඉවත් වන ලෙස විරෝධතා කරුවන්ට දැනුම්දී තිබුණ බවත් වෙනත් විකල්පයක් නැති නිසා මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ වගත්ය.

පසුගිය 14 වැනිදා කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්, 2022.07.18 දින කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත්  කොළඹ මධ්‍යම දිස්ත්‍රික් iii භාර සහකාර පොලිස් අධිකාරීවරයාත්, කොටුව වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයාත් මෙම විරෝධතා කරුවන් හමුවී අවස්ථා දෙකකදීම සාමකාමීව ඉවත්වන ලෙස එම ඉල්ලීම් කර තිබුණු බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවල ආවේගශීලීව හැසිරෙමින් ඉවත්වන දින වකවානු ඔවුන් විසින් නියම කළ බව කියන පොලිසිය විරෝධතා කරුවන් විරොධය පල කළ යුත්තේ ස්වකීය සීමාවන් හැඳිනගෙන බවට අවවාද කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version