පරෙස්සම් වෙන්න කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 12කට පමණ ඔමික්‍රොන් !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ මේ වනවිට සිටින කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගෙන් සියයට 12 ක් පමණ වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයෙන් ආසාදනය වී ඇති බවට සැක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව   සදහන් කරන්නේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිදයාලයේ වෛරසවේදය සහ ප්‍රතිශක්තිවේද අංශය විසින් රැස්කර පර්යේෂණයට ලක්කරන නියැදි    විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ සියයට 12ක් පමණ  ඔමිකෝ්‍රන් ආසාදිතයන්  ආසාදිත රෝගීන් අතර සිටිය හැකි බවය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ඉටුවන්තුඩාව පෙන්වා දෙන්නේ මේ තත්ත්වය කිසිසේත් නොසලකා හළ යුතු එකක් නොවන බවය.   


වෙනත් සංකූලතා සහිත වැඩිහිටියන් අතර ඔමික්‍රෝන්  ප්‍රභේදය ව්‍යාප්ත වීම පිළිබඳ ව පවතින දත්ත සීමිත  බව ද අවධාරණය කරන  වෛද්‍ය බටුවන්තුඩාව  දරුණු සංකූලතා හෝ මරණයට පත්වීමේ සැලකිය යුතු අවදානමක් පවතින බැවින් සෞඛ්‍යය පිළිවෙත් දැඩිව අනුගමනය කළ යුතු බවට අවධාරණය කරන්නේය. 

Exit mobile version