පරීක්ෂා කළ ආයතන 2891 න් 2023 ක්ම නිරෝධායන නීති උල්ලංඝනය කරලා… පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බස්නාහිර පළාත තුළ ඊයේ (30) සවස 3.00 සිට සවස 6.00 දක්වා  කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පරීක්ෂාවට ලක්වුණු ව්‍යාපාරික ස්ථාන සහ ආයතන 2891 න් 2023 ක්ම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතුකරන බව පෙනී ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ   සඳහන් කරයි.

එම ව්‍යාපාරික ස්ථාන සහ ආයතනවල හිමිකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මෙහයුමේදී පුද්ගලයින් 6320 දෙනෙක් පරීක්ෂාවට ලක්ව ඇති අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවද අජිත් රෝහණ  වැඩිදුරටත් සඳහන් කළේය.


Exit mobile version