පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට සිට අඛණ්ඩ වර්ජනයක්

para medical services

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

එමෙන්ම වසංගතයේ සැබෑ තත්වය හෙළිදරව් කිරීමට විද්‍යාත්මක සාක්ෂි සපයන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කට වසා දමන්නට උත්සාහ දරන්නේ කිනම් හේතුවක් නිසාද යන්න හෙලි කළ යුතු බවත් එම මණ්ඩලය විමසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වර්ජනය පැවැත්වීමට හේතු මෙන්ම ජනාධිපතිවරයා වෙත කරුණු කිහිපයක් අවධාරණය කිරීමට ද ඔවුන් පියවර ගෙන ඇත.


ඒ අනුව ජනාධිපතිවරයා විසින් සාකච්ඡා කිරීමේදී දේශපාලනිකව හිතවත් වෘත්තිය සමිති සමඟ පමණක් සාකච්ඡා කිරීමත්, වෛද්‍ය නිලධාරි සංගමය වැනි සංගම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දේශපාලනය කිරීමත්, හේතුවෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට අලුත් ගැටලු ගණනාවක් තම සේවාවන්ට එරෙහිව මතු කර ඇති බැවින් මෙම වර්ජනය නොවැලැක්විය හැකි බව ඔවුහු අවධාරණය කරති.

කපුටන් එල්ලන්නට උපදෙස් දෙන ඇමතිවරුන්ගේ හා මර්දනයට අත තබන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන කණ්ඩායම් විසින් ජනාධිපතිවරයාගේ පාලනය වැරදිපාරකට ඇද දැමීමට උත්සාහ දරමින් සිටින බැවින්, ඒ පිළිබදව ප්‍රවේශම් වන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම වර්ජන ඇතිවන ආකාරයට ජනාධිපති මන්දිරයේ සිට තීන්දු ගනිමින්, එය භාවිත කොට ඇමතිවරු මාරු කිරිම හිසේ අමාරුවට කොට්ට මාරු කිරීමක් බව පවසන එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මාණ්ඩලික සේවා තත්වය, 5/12 උසස්වීම් ක්‍රමය, පොදු දීමනා ක්‍රමය පිළිබඳ තීරණ ගැනීමේදී ඇතිවන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතා හොඳින් දන්නා බැවින්, ජනාධිපතිවරයා ඉදිරියේ සෞඛ්‍ය ලේකම්වරයා ඒ පිළිබඳව පැහැදිලි කළේ ද යන්න පිළිබඳව තමන් ප්‍රශ්න කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද කල්තබා සිහිපත් කරන බව ඔවුහු අවධාරණය කරති.

Exit mobile version