පන්සල් ගානේ ගිහින් අඳෝනා නගන්න දේශබන්දුලා යැව්වේ කැබිනට් ඇමතිවරයෙක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශබන්දු තෙන්නකෝන් ප්‍රමුඛ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි වගකීමකින් තොරව කටයුතු කිරීම පිළිබඳව පාස්කු කොමිසම විසින් අපරාධමය හා විනය චෝදනා එල්ලකර ඇති පොලිස් නිලධාරීන් ඊයේ (19) අස්ගිරි නාහිමි හමුවීමට ගොස් ඇත්තේ වගකීම් භාර එක්තරා ඇමතිවරයෙකුගේ උපදෙස් මත බව පොලිස් මූළස්ථාන තොරතුරු අනාවරණය කළේය.

පොලිස්පතිවරයා මේ ගමනට කැමැත්තක් දක්වා නොමැති වූවත් ඊට එම ඇමතිවරයාගේ මැදිහත්වීම හේතුවෙන් මේ නිලධාරීන්ට තමන්ගේ දුක කියන්නට අවස්ථාව උදාවී ඇත.

නිලධාරීන් 20 දෙනෙක් පමණ හදිසියේම මහනුවරට රැස්වන්නේ කිසිදු රාජකාරිමය කටයුත්තකට නොවූවත් පළාත් සංචරණ සීමා සියල්ලක්ම ඔවුන් උල්ලංඝනය කර තිබුණි.

එපමණක් නොව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අමු අමුවේම උල්ලංඝනය කර තිබිණේ රැස්වීම් සම්බන්ධයෙන් වූ රීති බිඳ දමමිනි. එය වෙනම කාරණාවකි. හරිනම් සිවිල් ජනයා නිරෝධායනය කකරන්නාක් මෙන් මෙම නිලධාරීන්ද නිරෝධායනය කළ යුතුය.

නායක හිමියන් හමුවේ මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවන විට ඔවුන් එම ප්‍රහාර එල්ලවුණු පුදේශවල සේවයේ නිරතව සිටි බැවින් මේ ආකාරයට පාස්කු කොමිසම විසින් චෝදනා එල්ලකර ඇති බවකි. එය සත්‍ය නම් මෙම නිලධාරීන්ට පමණක් දඩුවම් ලබාදීමට පාස්කු කොමිසම නිර්දේශ කිරීමත් ප්‍රහාර එල්ලවුණු තවත් ප්‍රදේශවල නිලධාරීන්ට මේ ආකාරයට චෝදනා එල්ලනොවීමටත් හේතු වක් තිබිය යුතුය.

එකල කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට මෙන්ම කොළඹ බෝම්බ පිපිරුණු පැති කිහිපයකම උසස් නිලධාරීන්ට චෝදනා කිසිවක් කොමිසම නගා නැත. ඒ අනුව පැහැදිලි වන්නේ කොමිසම හිතුමතේට මුහුණ දිහා බලා තීන්දු තීරණ දීමක් දැයි සබුද්ධිකව විමසා බැලිය යුතුය.

මහනායක හිමියන් හමුවේ මෙම නිලධාරීන් පෙන්වා දෙන්නේ ඔවුන් සිංහල බෞද්ධ නිලධාරීන් බවතත් ඔවුන් වෙනුවෙන් කිසිවෙකුත් පෙනී නොසිටින බවත්ය. මේ සිදුවන්නේ ආගමික ගැටුමක් ඇතිකිරීමේ පෙර නිමිත්තක්දැයි විමසා බැලිය යුතු කරුණකි.

කෙසේ මෙතත් මෙම නිලධාරීන් අස්ගිරි නාහිමියන් පමණක් නොව, මල්වතු හිමියන්වද මුණ ගැසීමට උත්සාහ ගත්තද උන්වහන්සේ මේ දිනවල නිරෝධායනයේ සිටින බැවින් එම අවස්ථාව අහිමි විය.. අනතුරුව ඔවුන් සියළු දෙනාම මහනුවර සිට යන්නේ අනුරාධපුරයටය. ඒ අටමස්තානාධිපති හිමියන් ඇතුළු මහා සංඝඝරත්නය මුණ ගැසී අස්ගිරි නාහිමියන්ට කී දෙයම කියන්නටය
.
එතැනින් මේ ගමන නතර වන්නේ නැත. පංසල් ගානේ යමින් දැනුවත් කිරීම මේ නිලධාරීන්ගේ අරමුණ වී ඇත.

Exit mobile version