පන්චෙන් ලාමාට බය චීනය

TIBET - Panchen Lama

ටිබෙටයේ පන්චෙන් ලාමාතුමන්ව වයස අවුරුදු හයේදී අත්අඩංගුවට ගෙන වසර 27ක් පුරාවට ඔහු පිළිබඳ තොරතුරු සඟවාගෙන සිටීමෙන් චීනයේ ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය පෙන්නුම් කරන බව ටිබෙටය හා චීනය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් පිරිසක් සඳහන් කරයි.

මෙම විශේෂඥයින් පිරිස එකොළොස්වැනි පන්චෙන් ලාමාවරයා ලෙස හඳුනාගත් ගෙධුන් චෝකි න්යිමාගේ 33 වැනි උපන්දිනය වෙනුවෙන් හිමාලයේ ආසියා අධ්‍යයන මධ්‍යස්ථානය හා ටිබෙට් තරුණ කොන්ග්‍රසය එක්ව සංවිධානය කරන ලද ජාත්‍යන්තර සාකච්ඡාවකට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ජර්මනි හා ඉන්දියාව නියෝජනය කරන අයයි.

පන්චෙන් ලාමා ගැන තොරතුරු හෙළිදරව් කරන්න යැයි ලෝකයේ බොහෝ ආණ්ඩු යුරෝපියානු සංගමය හා ප්‍රධාන මානව අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන චීනයෙන් වරින් වර ඉල්ලීම් කළත් ඔවුන් එම ඉල්ලීම් නොසලකා හැරීය.


වසර 27ක් පුරා චීන සිර අඩස්සියේ සිටින දරුවා ගැන නිවැරදි තොරතුරු ලබාදීමටවත් චීන නායකයින්ට ධෛර්යක් නැතැයි ජාත්‍යන්තර නීතිවේදියෙකු හා බර්ලිනයේ ටිබෙට් ජාත්‍යන්තර කඳවුරුවල විධායක අධ්‍යක්ෂ කයි මුලර් පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය දිගින් දිගටම සිදු කරන මේ ක්‍රියාවෙන් පෙන්නුම් කරන්නේ කුඩා ළමයෙකු ඔවුන්ගේ තියෙන බය. ඒත් ඔවුන් උත්සාහ කරනවා බොරු පන්චෙන් ලමාවරයෙක් ටිබෙට්වරු හමුවට ඉදිරිපත් කරලා ඔවුන්ව රූකඩ කර ගන්න.. චීන කොමියුනිස්ට් පක්ෂයේ අසාර්ථකත්වය මෙයින් පෙන්නුම් කරනවා.. ඔහු පවසයි.

Exit mobile version