පකිස්තානයේ තරැවලට තහනමක්!

ඉස්ලාමීය මූලධර්ම පිළිබඳව මනා දැනුමක් නොමැති නිවේදකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් ශුද්ධ වූ රාමසාන් මාසය තුළදී මාධ්‍ය ඔස්සේ විශේෂ රාමසාන් වැඩසටහන් විකාශනය කිරීමට සම්බන්ධවීම තහනම් කළ යුතු බවට පාකිස්තානයේ ආගමික විද්වතුන් සහ උලමාවරැන් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම පිරිස පසුගියදා, පාකිස්තාන ආගමික කටයුතු සහ අන්තර් ආගමික සහජීවන අමාත්‍ය පිර් නූර්-උල්-හක් කද්රි සමඟ පැවති සාකච්ඡාවකදී, පසුගිය රාමසාන් මාසයේ විකාශය වූ සමහර සදාචාර විරෝධී වැඩසටහන් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර තිබේ.

රාමසාන් උත්සවයට සමගාමීව , ඉස්ලාමීය නියෝගයන්ට සෘජුවම පටහැනි විනෝදාස්වාදය සහ විනෝදාත්මක සංදර්ශන වැඩසටහන් විකාශනය කිරීම නතර කරන ලෙස ඔවුහු මෙහිදී පෞද්ගලික රූපවාහිනී නාලිකා වෙත අවධාරණය කළහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාව අතර පවතින මතභේද දුරු කරමින් ආගමික සහජීවනය ඇති කළ හැකි තොරතුරු සහිත වැඩසටහන් ඉදිරිපත් කරන ලෙස ද ආගමික නායකයෝ මෙහිදී මාධ්‍ය හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.

Exit mobile version