නොසැල්කිල්ල නිසා අවුරුද්දට මරණ 12000ක්… ලක්ෂ 13ක් අනතුරුවලට..

Accident

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නොසැලකිලිමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයින්ගෙන් වසරකට ලක්ෂ 13ක් අනතුරට පත්වන බවත් ඉන් 12000ක් පමණ මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පවසයි.

මිනිසුන්ගේ නොසැලකිලිමත් කම මේ ආකරයෙන්ම පවතින්නේ නම් වසර 2025 වන විට මෙම සංඛ්‍යාව තවත් ලක්ෂ දෙකහමාරකින් පමණ ඉහළ යනු ඇතැයිද ඔහු කියයි.

දිනකට 10000ක් දෙනා අනතුරට පත්වෙන අතර ඉන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළු වන්නේ 3500ක් පමණ යැයිද අනෙකුත් තුවාලකරුවන් පෞද්ගලික හා ආයුර්වේද රෝහල්වලින් සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන බවද හෙතෙම පෙන්වා දෙයි.

රථවාහන අනතුරු හේතුවෙන් මිය යන සංඛ්‍යාව දල වශයෙන් 3000ක් පමණ බවද ඔහු කියයි.

Exit mobile version