නුවර බූවැලිකඩ පස්මහල් ලෙව්කේ නිවස ඊයේ රෑ ගිලා බසී

කඩා වැටුණු තැන තිදෙනෙක් හිරවෙලා... යුද හමුදාව ගලවා ගැනීමේ මෙහෙයුමක...

ගිලාබැස්ස පස්මහල් නිවස
පහලින් වූ කුඩා නිවාස කුඩු වී ඇති අයුරු

මහනුවර බූවැලිකඩ තිලංකා හෝටලය පාර් ඊට පහළින් පිහිටි ලෙව්කේ පවුලට අයත් පස් මහල් සුවිසල් නිවසක් අද අලුයම රාත්‍රියේ හිටි අඩියේ ගිලා බැස්සේය. සුනඛයන්ගේ කලබලවීම, සතුන්ගේ අසමාන්‍ය හැසිරීම සමග නිවසේ සිදුවන චලනයන් දැනගත් වහාම නිවැසියෝ නිවසින් ඉවත් වී ඇත. ඒ සමගම ඔවුන්ගේ දෙනෙත් අභයස නිවස ගිලා බැස පහළින් වූ කුඩා නිවසක් මත පතිත වී තිබේ.මේ වනවිට නිවැසියන් නිරුපද්‍රිතය. නිවස මුලුමනින්ම විනාශවී ඇත. ලෙව්කේ නිවස කඩා වැටී ඇති කඳු බෑවුමේ පිහිටි කුඩා නිවසේ ජීවත් වූ තිදෙනෙක්  සොයා මේ වනවිටත් හමුදාව මෙහෙයුම් අරඹා තිබේ. මෙම නිවසේ බූවැලිකඩ පුදේශයේම හෝටලයක සේවය කරන පුද්ගලයකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටි බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්තා වන ආකාරයට ගිලා බැසි නිවසේ සුන් බුන්වලට යටවූ අනෙක් නිවසේ තිදෙනා   දැන් හමුදාවේ ගැලවීමේ කණ්ඩායම් විසින් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන ඇත. නිවසේ සුන්බුන් අතර සිරවී සිටින ඔවුන් දුරකථනයට ඇමතුම් ලබා දුන්න ද ඔවුන් ඉන්නා ඉසව්ව තවමත් සොයාගත නොහැකි බව ගැලවීමේ කණ්ඩායම් කියයි.

Exit mobile version