නුවර කොවිඩ් දේහ ආදාහනය නවතී… මහයියාව ආදාහනාගාරයේ දාහක දෙකම අක්‍රීය වේ…

mahaiyawa

මහනුවර  කොවිඩ් දේහ ආදාහනය කරන මහයියාව  සුසාන භූමියේ ගෑස් දාහක දෙකම ඊයේ (17) දහවල් සිට අක්‍රීය වී ඇතැයි වාර්තා වේ.

දහවල් 12.30ට  සහ පස්වරු 1ට  මෙම දාහක දෙක පේරාදණිය රෝහලෙන් ගෙනා කොවිඩ් දේහ දෙකක් ආදාහනය කරමින් තිබිය දී මෙම දාහයක දෙකම අක්‍රීය වී තිබේ.

මේ වනවිට ඊයේ ආදාහනය කිරීමට සූදානම් කර තිබූ කොවිඩ් දේහ 06ක් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල තැන්පත් කර තිබේ.


ඊට විකල්ප ලෙස ගොඩගැසෙමින් ඇති කොවිඩ් දේහ ආදාහනය සඳහා හාරිස්පත්තුව ඇතුළු අනෙක් ප්‍රාදේශීයසභාවල ඇති ආදාහනාගාරයන්හි  ඉඩ පහසුකම් ලබා ගැනීමට  සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

ඊයේ වනතුරු මහනුවර හා පේරාදෙණිය රෝහල්වලින්  පිට කරන කොවිඩ් ආසාදිත දේහ 10ක් දෛනිකව මහයියාව ආදාහනාගාරයේ ආදාහනය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් මහයියාවේ ආදාහනය කළේ කොවිඩ් දේහ පමණි.

Exit mobile version