නුවර එන්නත් මාත්‍රා දෙකේ සිද්ධිය වන්දියක් ලබා ගැනීමට ගැසූ ගැටයක් දැයි සැකයක්….

මොඩර්නා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකක් එක්වර තමන්ට එන්නත් කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම්වන  මහනුවර ඔගස්ටා වත්තේ පදිංචි  කාන්තාව   වන්දියක් ලබා ගැනීම සඳහා මෙම  සිද්ධිය සැලසුම් සහගතව නිර්මාණය කළේ දැයි සැකයක් ඇතිවී තිබෙන බව මේ පිළිබඳව විමර්ශනය කරන පොලිස් විමර්ශන අංශ සැක පහළ කරයි.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව සෞඛ්‍ය නිලධාරීන් අදාල එන්නත ලබා දී  එන්නත් ලබා දුන් පුද්ගලයන් විනාඩි 30ක කාලයක් ගත කරනු ලබන ස්ථානයේ  මෙම කාන්තාව රඳවා තබා ඇත. එහෙත්   ඇය රහසේ එතැනින් පිටවී පැමිණ  යළිත් වරක්   එන්නත් ලබා ගන්නා පිරිස අතරට එක් වී ඇති බව හෙළි වී තිබේ.

බරපතලම චෝදනාව සෞඛ්‍ය අංශ වෙත එල්ල වන්නේ දෙවනවර එන්නත ලබා දීමේදී  එන්නත ලබා දුන් සෞඛ්‍ය නිලධාරියා කිසිම විමසීමකින් තොරව දෙවන   එන්නත් මාත්‍රාවක් දීම හේතුවෙනි. එහි වගකීමෙන් මිදෙන්නට සෞඛ්‍ය නිලධාරීන්ට නොහැකි වී ඇතැයි වාර්තා වේ.


මේ අතර මෙම කන්තාව පිළිබඳ     මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක යටතේ පොලිස් කණ්ඩායමක් විශේෂ විමර්ශන අරඹා තිබේ. දැනට ඇති තොරතුරු අනුව ඇය නීතිවිරෝධී මත්පැන් ජාවාරම, බොරු පැමිණිලි ඉදිරිපත් කිරීම වැනි  පෙර වැරදි ගණනාවක් සහිත තැනැත්තියක් බව පොලිස් ආරංචි මාර්ග කියයි

මේ අතර සිය බිරියට එන්නත් දෙකක් ලබා දීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා පේරාදෙණිය පොලිසියේ  පසුගිය 20 දා පැමිණිල්ලක් දමා ඇත.

සෞඛ්‍ය අංශ තමන්ට එන්නත් දෙකක් ලබා දීම සම්බන්ධයෙන් වන්දියක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් එම කාන්තාව විසින් අද දින නීතිඥ උපදෙස් මත මහනුවර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සිදුවූ අතපසු වීම පිළිබඳව සෞඛ්‍ය අංශ අභ්‍යන්තර විමර්ශනයක් දියත් කර ඇත.

 

Exit mobile version