දිනසේන රතුගමගේ –
කොරෝනා සංචරණ නීති හා සෞඛ්‍ය නීති නොසලකා රාත්‍රියේ හොර රහසේ ජූජා පැවැත්වූ යාපනයේ හින්දු කෝවිල් තුනක් යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් 23 දා විෂබීජහරණයට ලක් කොට තිබේ.
එම කෝවිල් තුනේ පූජාව පැවැත්වූ පූසාරීවරුන් පස් දෙනෙකුට ඔවුන්ගේ කෝවිල් නිවස්න තුළම නිරෝධායනය වන ලෙස සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් දී ඇති අතර පූජාවන්ට සහභාගී වූවන් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙහෙයුමක්ද දියත් කොට තිබේ.
පූසාරීවරුන්ගේ නිරෝධායන කාලය අවසන් වූ පසුව ඔවුන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද සෞඛ්‍ය නිලධාරීන් විසින් එම පූසාරීවරුන් වෙත දණුම් දී තිබේ.