නීතිය නවා මන්ත්‍රී වාහනවලට “එල්.සී. ඕපන් කළ“ ලංකා බැංකුවෙන් නීතිඥ වටගල ලිඛිතව ප්‍රශ්න කරයි…

ආනයන අපනයන පාලක වාහන ගෙන්වීම තහනම් කර තිබිය දී ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් දුන්නේ කවුද?

ආනයන අපනයන පාලන රෙගුලාසි යටතේ වාහන ආනයනය තහනම්ව තිබියදී  ලංකා බැංකුව විසින් මන්ත්‍රීවරුන් වෙත  වාහන ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කළේ කවර පදනමකින්ද, එසේ ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව කටයුතු කළේ කවර නීතිමය ප්‍රතිපාදන යටතේ ද, එකී ණයවර ලිපි සම්බන්ධයෙන් ලංකා බැංකුව ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ගය කුමක් ද, එසේ ණයවර ලිපි නිකුත් කිරීමට අදාළව ලංකා බැංකුවට උපදෙස් දුන්නේ කවරෙක්දැයි විමසා  ඊට අදාල තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ජවිපෙ මධ්‍යමකාරක සභික,  හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල විසින් ලංකා බැංකුවේ සභාපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

නීතිඥවරයා එම ලිපියෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී රථ ආනයනය කිරීමට අදාළව ලංකා බැංකුව විසින් ණයවර ලිපි නිකුත් කර තිබෙන්නේ 2021.04.22 බවය. මුදල් අමාත්‍යවරයා ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ 2021.05.18 බවය. ඒ සඳහා කැබිනට් අනුමැතිය 2021.05.18 බවය.

එසේ කැබිනට් අනුමැතිය ලබා දීමට පෙර,  2021.06.11 දිනැති  අංක 2231 /18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ  2021 අංක 10 දරන ආනයන අපනයන පාලක පනතේ රෙගුලාසි ප්‍රකාරව වාහන ආනයනය කිරීම නීතියෙන් තහනම්ව තිබිය දී මෙම ණයවර ලිපි නිකුත් කිරීම පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස නීතිඥවරයා වැඩිදුරටත් දන්වා ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය පහතින් දැක්වේ.

Exit mobile version