නීතිඥ සංගමයේ යෝජනා 13ම ජනපතිගේ අවධානයට…

ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ

නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව සමග අද (08) කොළඹ කොටුව  ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා එසේ සඳහන් කළ බවය.

වර්තමාන තත්ත්වය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රධාන යෝජනා 13ක් එහි විධායක සභාවට ඉදිරිපත් කර ඒකමතිකව සම්මත කරගෙන තිබිණි.

ජනාධිපතිවරයා මෙම යෝජනාවලියේ සියලු යෝජනා සම්බන්ධව අවධානය යොමු කළ බව මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

Exit mobile version