නිලූකා ඒකනායකත් සජිත්ගේ ලැයිස්තුවෙන් ඉවත් වෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයින් තිදෙනෙක් අද (12) වන විට අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.

මාතර අපේක්ෂක මංගල සමරවීර, අම්බලන්ගොඩ අපේක්ෂක ඩෙනෙට් පලිහන්දූව, රත්නපුර අපේක්ෂක නිලූකා ඒකනායක යන අය මෙලෙස සිය අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ අය ඉල්ලා අස් වී ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික හේතු මුල් කර කරගෙන බවත් එය තම බලවේගයේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් නොවනු ඇති බවත් මේ සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල සිටින සියලු එක්සත් ජාතික පාතික පාක්ෂිකයන් හා ආණඩුව කෙරෙහි කලකිරී සිටින ජන කොටස් සමගි ජන බලවේගය සමග මේ වනවිට ඒකරාශී වෙමින් සිටින බවට පවසන ඒ මහතා ඉදිරි මැතිවරණයේදී තම කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයයක් ලබන බව වැඩිදුරටත් කීය.

Exit mobile version