නිලවරණය ලඟ තිබෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙත මුදල් බෙදා දීම අරඹයි!

sri-lanka-cricket

නිලවරණය ළඟ තිබෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා සමාජ හා සංගම් සඳහා නොමසුරුව මුදල් බෙදා දීම අරඹා ඇතැයි වාර්තා වේ.

අලුත්ම ප්‍රදානය වී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික් සංගමයට ගෙවන ලද මිලියන 50 කි.

මෙය ලබා දී ඇත්තේ තාප්පයක් බැඳීමට හා කාණු පද්ධතියක් සකස් කිරීම වෙනුවෙනි.

බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට මීට පෙර හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අලි වැටක් හැදීම ඇතුළු පිළිසකර වැඩ වෙනුවෙන් කෝටි ගණනක් ලබා දී තිබුණු අතර මෙම සියලු ගණුදෙනු බදුල්ල දිස්ත්‍රික් සංගමයේ ලේකම්වරයා හරහා සිදු කිරීම විශේෂත්වයකි.


වැඩ නිරීක්ෂණය කොට කොටස් වශයෙන් මුදල් නිකුත් කිරීමේ සම්ප්‍රදායෙන් මිදී මිලියන 50 ක මුදල එකවරම චෙක් පතකින් ලබා දී තිබීම කැපී පෙනේ.

ඉදිරියේදී විවිධ සංවර්ධන වැඩ කටයුතු කියා නිලවරණයට පෙර එක් එක් සංගම්වලට විශාල වශයෙන් මුදල් ලබා දීමට නියමිතව ඇතැයි ලංකාසරට වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනසතු සේවා ක්‍රිකට් සංගමයටද ඔවුන්ගේ රත්මලාන ක්‍රීඩා පිටියේ වායුසමීකරණ සවි කිරීම සඳහා තවත් විශාල මුදලක් ලබා දීමටද නියමිතය.

Exit mobile version