බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලධාරීන්ගේ වාර්තා විශ්වාස කර පට්ට වැලි හොරු දෙන්නෙකුට වැලි සමාගම යළිත් පත්වීම් දීලා… ආණ්ඩුවත් නාවන නරි ගැන වැලි සමාගම් ආරංචි මාර්ග හෙළිදරවු කරයි…

by editor
නොවැම්බර් 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හිටපු පරිසර අමාත්‍යවරයෙකු වු මහින්ද අමරවීරගේ දේශපාලන හිතවතුන්ට මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියට සම්බන්ධ වැලි මංකඩ 26 අනීතිකව ලබාදිමට පිඹුරුපත් සකසා වැඩ තහනමට ලක්ව සිටි මනම්පිටිය වැලි සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු ජනාධිපතිවරයා පත් වී දෙසතියක් යෑමටත් පෙර යළිත් සේවයේ යොදවා ඇතැයි මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරියෙකු අනාවරණය කළේය.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති රජය සතු සමාගමක් යටතේ ක්‍රියාත්මක වන මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතියේ දෙවන අදියර තුළින් මෙම වැලිමංකඩ එම දේශපාලන හිතවතුන්ට අනීතිකව ලබාදීමට කටයුතු යොදා තිබූ අතර එම වැලි මංකඩ විසිහයෙහි වාර්ෂික ප්‍රසම්පාදන වටිනාකම රුපියල් මිලියන 240 ක් බවත්, එම තාක්ෂණ නිලධාරිවරයා සඳහන් කළේය.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අනුබද්ධ ටෙක්නිකල් සර්විසස් සමාගමේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු විසින් මනම්පිටිය ව්‍යාපෘතියේ තාක්ෂණ නිලධාරියෙකුද සම්බන්ධ කර ගනිමින් මෙම වැලි මංකඩ ඉතා හොර රහසේ අදාළ හිටපු ඇමැතිවරයාගේ දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ නිසාම මෙම නිලධාරියා රැකියාවෙන් ඉවත් කර ඇත.

අදාළ සමාගමේ භූ විද්‍යා අංශයේ ප්‍රධානියෙක් ලෙස මොහු කටයුතු කර ඇති අතර එම කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම වැලි ව්‍යාපෘති භාරව සිට ඇත්තේද අදාළ භූ විද්‍යාඥයාය. , ඒ කාලය තුළ එම ව්‍යාපෘති හරහා දූෂණ අක්‍රමිකතා රැසක් සිදුකර ඇති බවට අභ්‍යන්තර විගණන පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එම කාලය තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ රජය සතුව වැලි කැණීම් ව්‍යාපෘති වැලිකන්ද, නිදන්වල, අරලගංවිල, බෝ අත්ත යන ප්‍රදේශවල මාදුරුඔය ආශ්‍රිතව හතරක් පැවති බවත් එම ව්‍යාපෘති වසා දමා ඒවා පෞද්ගලික බලපත්‍ර ලෙස අදාළ හිටපු ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු කළ බවත් ඊට සැලකිල්ලක් ලෙස ඇමැතිවරයා ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුර ලබාදුන් බවත් තාක්ෂණ නිලධාරීවරයා සඳහන් කළේය.

එමෙන්ම අදාළ භූ විද්‍යාඥා විසින් හිටපු ඇමැතිවරයාගේ හිතවතෙකු සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ අඹතලේ ප්‍රදේශයේ වැලි විකිණුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ඉඩ ප්‍රස්ථාව සකසා දී ඇති අතර එම වැලි විකිණුම් මධ්‍යස්ථානය හරහා රජයට අයවිය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය කර ඇති බවත් සඳහන්ය.

එමෙන්ම තමා යටතේ ඇති භූ විද්‍යා අංශය මගින් සිදුකරන ප්‍රධාන කාර්යය ලෙස ව්‍යාපෘති වාර්තා සැකසිම සිදු වී ඇති අතර ඒ සඳහා යොදා ගත් උපදේශකවරුන් ලෙස නම් කරමින් තම බිරිඳ සහ මිතුරන්ගේ නම් යොදා රුපියල් මිලියන ගණන් මුදල් භූ විද්‍යාඥයා විසින් වංචා කර ඇති බවටත්, එම දූෂණ අක්‍රමිකතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කර ඇති බවටත්, සඳහන් කරන අදාළ නිලධාරියා කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් අඳුරේ අතපත ගා ලබාදුන් වාර්තාවක් මගින් හොර රහසේ යළිත් සේවයට බඳවා ගැනීම පිළිබඳව අදාළ නිලධාරීන්ට එරෙහිවද පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බව එම තාක්ෂණ නිලධාරිවරයා අවධාරණය කළේය.

එම භූ විද්‍යාඥයා සමග මෙම දුෂණ අක්‍රමිකතා සිදුකළ පරෙයිපඤ්ඤං ව්‍යාපෘතියේ ස්ථානභාර නිලධාරී ලෙස කටයුතු කොට සේවයෙන් ඉවත් කළ තාක්ෂණ නිලධාරිවරයාද මේ වනවිට යළිත් සේවයේ පිහිටුවා තිබීම යන සිදුවීම් දෙස බැලීමේදී රාජ්‍ය සේවය වළපල්ලට යාම නොවැළැක්විය හැකි දෙයක් බවත්, නව ජනාධිපතිතුමන්ගේ සහ රජයේ ප්‍රතිපත්තින් අනුව විධිමත් විමර්ශන පවත්වා මෙම දූෂිතයින්ට එරෙහිව පියවර ගෙන රාජ්‍ය සේවය සුරක්ෂිත කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් අදාළ නිලධාරියා සඳහන් කළේය.

මේ සම්බන්ධව භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් ඉදිරියේදී ජනාධිපතිවරයා මෙන්ම අභිනව පත් වූ පරිසර අමාත්‍යවරයාවත් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද තාක්ෂණ නිලධාරියා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුර එක්ක කිඹුල්ලු සමග එකට ගෙවල්වල ජීවත්වෙන යාපනේ මිනි්ස්සු!

Next Post

ගේමක් ගහන්න ගිය “හොර බ්‍රිගේඩියර්” ඇතුළු 11ක් වැලිකන්දේ දී පොලිස් අත් අඩංගුවට….

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.