විදේශයන්හි සිට මෙහි පැමිණෙන පුද්ගලයින් සම්බන්ධයෙන් වූ නිරෝදායන නීතිය වෙනස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇත.
මේ අනුව නිරෝදායන නීතියේ යම් වෙනසක් සිදුව ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය අද (17) සවස් වන තෙක්ම අත්සන් කර ඇති බවට දැනගැනීමට නොලැබුණ බවත් එයට හෙට(18) දිනයේදී බොහෝ විට අත්සන් තැබීමට ඉඩ ඇතැයිද අප කල විමසුමකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කළේය.
විදේශයන් හී සිට පැමිණෙන පුද්ගලයින්ට නිරෝදායනයට ලක්විය යුතු දින 14ක කාලය ක්‍රමයෙන් අඩුවිය හැකි වන අතර මෙහිදී විදේශයන් හී සිට මෙහි පැමිණෙන පුද්ගලයින් එරටේදී පීසීආර් පරික්ෂාවට ලක්ව තිබෙන්නේද එන්නත විද පැමිණෙන්නේද යන වග මෙහිදී විශේෂයෙන්ම සොයාබැලීමක් කරනු ඇතැයි ලේකම්වරයා පැවසීය.
මෙම පරික්ෂාකිරිම්වලින් අනතුරුව නිරෝදායනය විය යුතු අන්දම හා කාලසීමාවන් අඩුවනු ඇතැයි වෛද්‍ය අල්විස් මහතා පෙන්වාදේ.
කෙසේ නමුත් විදේශයන් හී පැතිර යන කොවිඩ් නවප්රභේදයන් විදේශයන් හී සිට පැමිණෙන පුද්ගලයින් හරහා මෙරටට ඇතුළුවීමට තිබෙන ඉඩකඩ හැකිපමණ අවම කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද අතිරේක ලේකම්වරයා අවදාරණය කළේය.